12:51:00 AM
1



තාත්තා, සහෝදරයා, මස්සිනා සහ ඥාතින්
දෙදෙනෙකු අතින් දූෂණය වූ
කාන්තාවක් වයස 32 දි හෙළි කළ රහස




වයස අවුරුදු පහේ සිට තම පියා, සහෝදරයා, මස්සිනා, මස්සිනාගේ සහෝදරයා හා පුංචිඅම්මාගේ පුතා යන පස්දෙනා තමාට ලිංගික අතවර කළා යැයි 32 හැවිරිදි විවාහක කාන්තාවක් ඊයේ (11දා) පයාගල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.




මෙම කාන්තාවගේ සැමියා නිතර නිතර ඇයට හිරි හැර කර තිබෙන අතර ඔහු පවසා ඇත්තේ ඇය සමග ගෙවන පවුල් ජීවිත ඔහුට කිසිම මිහිරක් නැති බවයි.


ඊට හේතුව තමා කුඩා කල සිටම දැඩි ලෙස ලිංගික අතවරයට පත්වීම බවයි ඇය පොලිස් කාන්තා කාර්යාංශයේ නිලධාරීන් හමුවේ හඬමින් පැවසුවේ.


පැමිණිලිකාර කාන්තාවගේ පියා, සහෝදරයා, මස්සිනා, මස්සිනාගේ මල්ලි සහ පුංචිඅම්මාගේ පුතා යන පස්දෙනාම මේ වන විටත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පැමිණිලිකාර කාන්තාව වෛද්‍ය පරීක්‍ෂණයක් සහ මානසික රෝග වාර්තාවක් ලබාගැනීම සඳහා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කෙරුණා.
මෙම කාන්තාව පිළිබඳ මානසික වෛද්‍ය වර්තාවක් සහ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ඉදිරි කටයුතු කරන බවයි පොලිසිය පවසන්නේ.


Next
This is the most recent post.
Older Post

1 comments: